Thursday 17 August 2017

ෆෝන් එක ස්ලෝ වෙනවට කරන්න ඕනි දේ මෙන්න..


ෆෝන් එක ස්ලෝ උනාම මොකද කරන්නේ?
මං හිතන්නේ මේක අපි හැමෝටම වෙලා තියනවා, සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අලුතෙන් අරන් ටික දවසක් එකේ කාර්යක්ෂමතාවය දැකල මාර සතුටක් දැනෙන්නේ. ෆෝන් එක නිකන් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ වේගයෙන් වැඩ කරනවා
හැබැයි අපි අවුරුද්දක් විතර අනාගතේට ඔය ෆෝන් එකම අරන් අවොත්, අර කලින් තිබ්බ කාර්යක්ෂමතාවයම තියනවද කියන ප්‍රශ්නේ අපේ ඔලුවට එනවා... ඇප්ස් ලෝඩ් වෙන්න වෙලා යනවා, එක ස්ක්‍රීන් එකකින් අනිකට යන්න පරක්කු වෙනවා, හරියටම මුළු මෙහෙයුම් පද්දතියම හති දානවා වගේ නේද? බය වෙන්න එපා, හැම පරිගණකයකටම, ජංගම දුරකතනකටයම මේක වෙනවා. මේ හති දාන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැවත පන ගන්වන්න නිකන් ස්පීඩ් එක වැඩි කරන ඇප්ස්, රැම් එක වැඩි කරන ඇප්ස් කියල බොරු ජරාව ඉන්ස්ටෝල් කරන්නේ නැතුව අපිටම කියල පොඩි දේවල් කීපයක් කරන්න පුළුවන්.

1) මීට මාස හයකට කලින් ඩවුන්ලෝඩ් කරපු Candy Crush එක අන්තිමට ගැහුවේ කවද්ද? ෆෝන් එක ගද්දි ඉන්ස්ටෝල් කරපු වෝල්පේපර් ඇප් එකෙන් අන්තිමට වෝල්පේපර් එකක් දැම්මේ කවද්ද? සතොසේ කුනුවේවි තියන එළවලු වටේම ගඳ ගස්සනවා වගේ තමා මේ පාවිච්චියක් නැති ඇප්ස්, නිකන් සිස්ටම් එකේ ඉඩ ගන්නවා, සමහර වෙලාවට අනවශ්‍ය ප්‍රොසෙසසුත් යටින් වැඩ කරනවා. ඒ හින්ද ඇයි මගේ ෆෝන් එක ස්ලෝ කියල දුක් වෙන්නේ නැතුව පාවිච්චි කරන්නේ නැති කුණුගොඩවල් වගේ තියන ඇප්ස් ටික uninstall කරන්න මුලින්ම. මෙතැනදී හිතන්න එපා අනේ මට මේක ආයිත් ඕන වෙයි අපරාදේ delete කරන්නේ කියල, එහෙම හිතනවානම් ෆෝන් එක ස්ලෝ වෙන එක ගැන මැසිවිලි නගන්නත් එපා

2) අර වැරදෙන සෙල්ෆි ටික, කෙල්ලට පෙන්නන්න මෙස්සෙන්ජෙර් එක ගත්ත ස්ක්රීන්ශොට්ස්, ඇයි අර ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ පිරිලා තියන කුන්කන්දරාව.. යන්න ෆොටෝස් ඇප් එකට, ගිහින් විනාඩි 10ක් ගත කරලා එක සුද්ද කරන්න, අනවශ්‍ය ෆොටෝස්/වීඩියෝස් ඩිලීට් කරලා දාන්න, අර පරණ අනවශ්‍ය ඩවුන්ලෝඩ් ටික සුද්ද කරලා දාන්න.

3) Cache කියල දෙයක් ඔයාල අහල තියනවද? මේවා නිකන් තාවකාලික මතක ගබඩා වගේ දේවල් ඔයාගේ ෆෝන් එකේ ඇප්ස් වලට වඩාත් කාර්යක්ෂමව වැඩ කරන්න උදව් වෙන. උදා: සමහර ඇප්ස් වල pics cache වෙනවා ඒවා අලුතින් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නැති වෙන්න. ගොඩක් වෙලාවට අපි අඩුවෙන් පාවිච්චි කරන ඇප්ස් වල cache එක පරණයි, ඒවා සමහර වෙලාවට හරියට අප්ඩේට් වෙන්නේ නැතුව ඇප්ස් හිර වෙන්නත් පුළුවන්. දැන් මේ cache කොහොමද අයින් කරන්නේ? ක්‍රම දෙකක් තියනවා, එක්කෝ ඔයාලට පුළුවන් Settings වලට ගිහින් Apps කියන එක ඇතුලට ගිහින් ඇප්ස් වලට Storage කියන එක සිලෙක්ට් කරලා එතනින් cache ක්ලියර් කරන්න. එහෙම නැතුව සම්පූර්ණ සිස්ටම් එකේ cache වලට සුද්දයක් දෙන්න ඕනේ නම් Settings > Storage ගිහින් Clear Cache කරන්න. මේක කරලා ඉවර වෙච්ච ගමන්ම ඇප්ස් ටිකක් විතර ස්ලෝ වෙයි ඕපන් වෙන්න, නමුත් ඊටපස්සේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කරයි.

4) අනිත් එක තම SD Card එක. ඔයාගේ ෆෝන් එකේ SD Card එකක් තියනවනම් අනිවාරයෙන්ම එක මාස තුන හතරකට සැරයක් සුද්දයක් දෙන එක හොඳයි. ඒක කරන්න ලේසිම විදිහ තමා අවශ්‍ය ෆයිල් ටික PC එකට කොපි කරගෙන නැවතත් ෆෝන් එකට දාලා, Settings >Storage ගිහින් SDCard එක format කරන එක.
ඉතින් අපිට පුළුවන් නිකන් මැසිවිලි නගන්නේ නැතුව ෆෝන් එක ස්ලෝ කිය කිය , ඔන්න ඔය ටික කරල බලන්න, ඔය එකක්වත් හරි ගියේ නැත්තම් ඉතින් Factory Reset එකක් කරලා බලන්න පුළුවන්.

No comments:

Post a Comment