Monday 13 November 2017

මෙන්න කූඹියෝ ටෙලිය මෙච්චර ජනප්‍රිය වෙන්න බලපෑ වචන සෙට් එක,


         කවුරු කවුරුත් දන්නවනෙ ඉතිම් මේ දවස්  වල නැගලම යන ටෙලි ඩ්‍රාමා එක ITN එකේ සති අන්තයේ විකාශය වන #කූඹියෝ කියලා..
මන් හිතන විදියට නම් මේ කාල වකවානුවේ #සිදු #දෙවනි_ඉනිම වාගේ කතා වලට අභියෝගයක් එල්ල කරමින්,ඉතාමත් ඉක්මනින් මිනිස්සු අතරට විශේෂයෙන් තරුණයන් අතරට ගියපු කවුරු කවුරුත් කතා වෙන ටෙලි ඩ්‍රාමා එකක් බවට දැනටමත් #කූඹියෝ පත්ව හමාරයී.

මේ කූඹියෝ උනුසුමත් සමග සොෂල් මීඩියා වලත් මේ ගැන කතා වෙන්න අරන්.ඒ වෙන මොකවත් නිසාම නෙවෙයි මේ කතාවේ යන හිතට වදින සහා හාස්‍යෝත්පාදක වචන වාක්‍ය සෙට් එකට..

මමත් fb twitter G+ IG රවුම් ගහද්දි අපේ යාලුවෝ ම දාලා තිබුන කූඹියෝ quotes ටිකක් හම්බුනා..ඔයාලටත් හොදයිනේ ඉතිම් නේද ඒ සේරම එකම තැනින් බලා ගන්න තිබුනනන් කියලා මට හිතුනා.ඒ වාගේම ඔයාලත් එක්ක ඒ ටික share කර ගන්නත්.ඔන්න මං පහලින් දාලා තියෙනවා ඒ ටික,
මට මග ඇරුන දේවල් තියෙනවා නම් comment box ඒකේ කෝටාගෙන ම යන්නත් අමතක කරන්නත් එපා.

වැඩ කරන්නේ එම්බසිවල කතා
කරන්නෙ ඉංග්‍රීසියෙන්
කන්නෙ කරවිල.

මට කම්මැලි ඕකට පෙට්‍රල් ගහන්න,
සර්විස් කරන්න ඊට පස්සේ තැන් තැන් වල ගියාම පාර්ක් කරන්න.
මං මට ඕනේ උනාම කැබ් එකක් ගන්නවා.

ආදරේට ප්ලැන් ගහන්න එපා අයියේ,
ඒක එන්නේ හදවතින්මයි.

අපිට ඒ බඩුව ගන්න බැරි උනාට ඒකෙ
සම්පූර්ණ ආතල් එකම අපිට ගන්න පුලුවන් වෙනවා.

බලන් කඩතුරා හැර දෑසේ

මෙහේ සිකුරුටියත්, ඉංග්‍රීසියෙන් නේ
කතා කරන්නෙ.

අර ගෑනිත් එක්ක ඇඹරි ඇඹරි කතා
කරල ඉඳල එනව මාව කන්න,

බොරුවනේ අයියෙ, බොරුවනේ කරන්නේ,
බොරුව තමයි යකෝ,
රස්සාවම ඒකනේ.

හොර බඩු ගේන්න හොඳම විදිය තමයි,
රේස් පදින්න පුරුදුවෙන බයිසිකල්කාරයො විදිහට එන එක.

පීඩතයගෙ පිටට පිහියෙන් අනින්නේ
උගේම පන්තියේ එකෙක් තමයි සර්,

මහ ලොකුවට බයි ඇන් සෙලින් කියලා
කිව්වා, මම ඇහුවා මේක හොරකමක් නේද කියලා. එතකොට කිව්වා පන්ඩිත ලතා කියල.
මේව හෙන හත ගහන වැඩ අයියේ.

ඔයාට කියන්න මිස්ටර් ජෙහාන්,
ඒ ලමයා මගේ දිහා බලාගෙන හිටියේ පුදුමාකාර ආදරයකින්.

උන් මොන අංකේ එබුවත් ආන්සර්
කරන්නෙ මම.

උඹ මොනවද බොන්නේ?
උඹ මොනවා බොනවා කිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන් ටී විතරයි.

උඹ මාව අඳුනනවද?
නෑ සර්,
එහෙනං ඇයි මට සර් කිව්වේ?
උඹ දකින දකින හැමෝටම සර් කියනවද?

නැත්තං ඉතිං කටක් ඇරලා හරි
මේ වයසෙදි කසාද බැන්දනං මේ මං වගේ දරුවෙක් ඉන්න ඕනෙ අයියට බබා කියයිද?

යකෝ උඹට තේරෙන්නේ නෑ,
ඒ තමයි උන් උඹෙන් ආතල් එකක් ගන්න විදිහ.

ඒක වෙනමම ආතල් ඒකක් බං.

ඩුබායි වට්ටක්කා ගෙඩියක් වගේ.

ජෙහාන් උඹ පිස්සෙක්, 
ඇත්තටම තමුසේ පිස්සෙක්.


No comments:

Post a Comment