Wednesday 16 August 2017

කාන්තාවන් 40% කගේ කන්යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් වෙන්නේ නැහැ.අපේ රටේ බොහෝ පිරිමින් විවාහයේදී කුමරී බඹසර බිඳිලද..

අපේ රටේ බොහෝ පිරිමින් විවාහයේදී කුමරී බඹසර බිඳිලද කියලා බලනවා. මංගල යහනේ දී පිරිමින් හොයන කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්යාභාවයට අදත් වටිනාකමක් දීලා තියෙනවා. එදත් අදත් කාන්තාවගේ කන්යාභාවය නැති නම් පවුල අවුල් වෙනවා. කොහොම නමුත් ඔය කියන කන්යාභාවය සමහර කාන්තාවන්ට ස්වභාවිකවම පිහිටන්නේ නැති බවට වෛද්ය විද්යාත්මකව ඔප්පු කර තිබෙනවා.
කාන්තාවගේ බාහිර ලිංගේන්ද්රයේ යෝනි විවරය තුළ ඇති සියුම් පටලය ප්රශස්ථ රජ්ජුව ලෙස වෛද්ය විද්යාවේ දී හඳුන්වනු ලබනවා. වෛද්යවරුන්ගේ සමීක්ෂණවලට අනුව පළමු ලිංගික සංසර්ගයේ දී කන්යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවන්නේ කාන්තාවන්ගෙන් 60 කගේ පමණයි. ඉතිරි 40 කගේ කන්යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් නොවෙන්නේ ස්වභාවික ක්රියාවලියන් මතයි.
අතීතයේ දී සිංහල සමාජය තුළ කන්යා පටලය පරීක්ෂාවෙන් යුවතියන්ගේ පාරිශුද්ධත්වය මැන ඇයට පවුල තුළ වටිනාකමක් දීමට උත්සාහ කළ ද සිදුවන්නේ කාන්තාවට වටිනාකමක් හිමිවීම නොව ඇය සමාජය තුළ, පවුල තුළ අඩු සැලකිල්ලකට පාත්ර වීමයි. කන්යාවක් ලෙස අප හඳුන්වන්නේ විවාහයට පෙර කිසිදු පිරිමියකු සමග ලිංගික ක්රියාවලියක නොයෙදුනු ස්ත්රියකටයි. මනාලිය කන්යාවක්ද කියා සැකහැර දැන ගන්නේ මධු සමය දා පළමු ලිංගික එක්වීමේදී රුධිරය වහනය වීම මතයි. එසේ නම් ස්වභාවිකව කන්යාපටලයක් පිහිටා තිබුණේ හෝ ස්වභාවිකව එය කැඩී ගිය යුවතියක කන්යාවක් නොවන්නේද කියන ප්රශ්නය මතු වෙනවා.
මේ පිළිබදව කොළඹ විශ්වවිද්යාලයේ දේශීය වෛද්යායතනයේ ප්රසව හා නාරි රෝග පිළිබඳ ‍‍‍ජ්යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වෛද්ය දයානි සිරිවර්ධන මහත්මිය පුවත්පතකට මෙසේ සදහන් කර තිබුණා.
ඇතැම් කාන්තාවන්ගේ කන්යා පටලය ඇදෙනසුලුයි. එනිසා එය කිසි දිනක කැඩීයාමකට ලක් වෙන්නේ නැහැ. ඇතැම් කාන්තාවන්ගේ කන්යාපටලය සිඳී යන්නේ පළමු දරු ප්රසූතියේ දීයි. නමුත් ලංකාවේ ‍පොදු පිළිගැනීම වනුයේ එය පළමු ලංගික සංසර්ගයේදීම බිඳී යා යුතු බවයි. ‍
සමහර යුවතියන්ට උපතේම කන්යාපටලයක් පිහිටන්නේ නැහැ. බොහෝ විට ගැහැනු ළමුන් විවිධ ක්රීඩාවල යෙදීමේදී කන්යාපටලයට හානි වන අවස්ථාද තිබේනවා. ඒ අනුව වෛද්යවරුන්ගේ නිගමනය වන්නේ ලිංගික එක් වීමකින් තොරව කන්යාපටලය බිඳී යා හැකි බවයි.
එබැවින් අප සිතිය යුත්තේ කිසි දිනෙක ලිංගික ක්රියාකාරකමක යෙදී නැති “පිවිතුරු යුවතියක්ද” කියන කාරණය තීරණය කරන්නේ තවදුරටත් කන්යාපටලය හරහාමද කියන කරුණයි. එය යුවතියකගේ අනාගතයම නිරපරාදේ විනාශ කරන්නට පුළුවන් කාරණාවක් වන්නට තිබෙන ඉඩකඩ වැඩියි.
මීට පෙර ද එසේ සිය මංගල දිනයේ දී කන්යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වූ යුවතියන් තමුන්ගේ ඉතිරි ජීවිත කාලය ප්රශ්න සමග ගත කිරීමට නොහැකි නිසා ජීවිතය හානිකර ගත් අවස්ථා ද වාර්තා වී තිබේනවා.
යුවතියක් විවාහ වනතුරු තමුන්ගේ ගෞරවය රැකගෙන සිටීම ඇයගේ වගකීමක්. එසේ නොමැතිව එය පවුලේ අය තීරණය කර ඇගේ ජීවිතය විනාශ කිරීම නොකළ යුතුයි. මෙහිදී ගැහැනු දරුවන් වැඩිවියට පත් වූ අවදියේ පටන් කන්යාභාවය පිළිබඳ වැරදි ආකල්ප, සිතුවිලි මනස තුළට කාවද්දා ඔවුන්ගේ නිදහස සීමා කිරීමත්, විවාහය පිළිබඳව බිය ඇති කිරීමත් බොහෝ විට වැඩිහිටියන් විසින් සිදුකරන වැරදි ක්රියාවලියක් බවත් මතක් කරන්න ඕන. එයින් සිදුවන්නේ ඇය කන්යාභාවය ගැන දිගින් දිගටම සිතා මංගල රාත්රියේ දී එසේ නොවීමෙන් ජීවිතය කලකිරවා ගැනීමයි.
සිදුවිය යුත්තේ යුවතියකගේ කන්යාභාවය ඔප්පු කිරීම නොව දෙදෙනාගේ අනේයා්න්ය විශ්වාසය මත පදනම් වූ අවංක සාකච්ඡාවකට පිවිසීමයි. තමුන්ගේ චරිතවත්භාවය පිළිබඳ පටලයෙන් එහා ගිය පුළුල් දැක්මක් ඇතිකර ගැනීම වැදගත් වෙනවා.
අවශ්යයි නම් කෙනෙකුට පිළිගත් වෛද්යවරයකු හමු වී කන්යාපටලය බිඳී නොයෑමට හේතුව සොයා බලන්න පුළුවන්. ඒ මගින් ඇගේ නිවැරදි භාවයද ඔප්පු කරගන්න පුළුවන්.
එමෙන්ම වර්තමානයේ දියුණු තාක්ෂණයක් යටතේ ඉතා සියුම් ශල්යකර්ම මගින් අහිමි වී ගිය කන්යාපටලය නැවත සකස් කර ගැනීමටද හැකියාව පවතීනවා. ඒ නිසා මෙවැනි ආකල්ප මත යැපීම අනුවන ක්රියාවක් . නමුත් යුවතියකට වඩාත් වැදගත් වන්නේ කන්යාපටලය තිබිමයි. එයින් ලෙඩ රෝගවලින් ඇයට ආරක්ෂාවක් සැලසෙනවා. එමෙන්ම තමුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ද යුවතියන්ට හික්මීමක් ඇතිවෙනවා. එනමුත් යුවතියකගේ චරිතවත් බව, පාරිශුද්ධත්වය මෙවැනි වටිනාකමක් නැති සියුම් පටලයකට භාර දීම වරදක්.

No comments:

Post a Comment