Thursday 23 November 2017

කොළඹ මහමග උපත් පාලන කොපු මැෂින්.. තමන්ගේ දුරකතන අංකය ඇතුලත් කිරිමෙන් පහසුවෙන්ම ලබා ගත හැක.


       අද වන විට සමාජයේ ඉතා බහුලව සමාජ රෝග පැතිර යෑමට ලක්ව තිබේනවා.එම තත්වය යම්තාක් දුරකට ලිංගික ඇසුරේදි (sex) උපත් පාලන කොපු භාවිතා කිරිමෙන් අවම කරගැනීමට හැකි වෙනවා.ඉතිම් පිටරට වල නම් කොන්ඩම් (condoms) එහෙමත් නැත්තන් උපත් පාලන කොපු කියන්නේ අමුතු දෙයක් නෙවෙයි.ලංකාවේත් එම තත්වයට පුරුදු කරමින් මනා සෞඛ්‍ය යක් හෙබි සමාජ රෝග අවම මිනිසුන් බිහිකිරීමේ අරමුනින් මේ වන විට උපත් පාලන කොපු මහමග දී ලබාගත හැකිවන පරිදි condom vending machine සවි කිරීම ආරම්භ කර තිබෙනවා.



එහි පළමු වැන්න මේවනවිට කොළඹ 4 බුලර්ස් පටුමග ආරම්භයේ (ටොරිංටන්) පිහිටුවා ඇති අතර තවත් ස්ථාන රැසක එම යන්ත්‍ර  සවි කිරීමට නියමිතයි.


තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්රයට ඇතුළත් කිරීමෙන් මෙමගින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවනවා.
එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය කාරණයක් සඳහන් කිරීමකින් තොරව දැක්වෙනු ඇති බවයි ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය සඳහන් කළේ.


කොන්ඩම් භාවිතය පිලිබද පහලින් අවබෝදයක් ලබා ගන්න..

මෙම පහසුකම දැනට හිමිවනුයේ එක් ජංගම දුරකථන ජාලයක් සඳහා පමණයි.
තොරතුරු උපුටා ගැනිම අන්තර්ජාලයෙනි.

No comments:

Post a Comment